Tuesday, February 14, 2012

Full story & PDF Download link



Download the to read later PDF

ලියන්නේ T.B.A

හැදින්වීම

ඔබ දැනට කියවා ඇති කතන්දර සමග මෙම කතාව සසදා බැලුවහොත් අනෙක් කතාවන්ට වඩා තරමක් දුරට වෙනස් පැත්තක් ගන්න රසවත් ආදරබර කතාවක් වේවි. මා අසා ඇති තරමට නම් ආදරය කැස්සකි එය වසන් කිරිමට ඔබටවත් මටවත් බැරි තරම්ය. ආදරේදී අපි තනිවේ, තනියෙන් කල්පනා කිරිමටත් ඇයට හෝ ඔහුට මා කිව යුත්තේ මොනවාද? , නැතිනම් ඇයට හෝ ඔහුට ලබාදිය යුත්තේ මොනවාද? යන්න සෑම වෙලාවකදීම ආදරය කරන්නන්ගේ සිතට නැගෙන්නකි. ඒ වගේම ඇය හෝ ඔහු මගෙන් වෙන වී යාවිද නැතිනම් ඇ මා අතහැර දා වෙනකෙකු සමග සම්බන්ඳකම් පවත්වයිද යන බිය සැක ආදරය කරන්නන්ගේ හිතට වද දෙන කරුණු වේ. ඕනෑම පුද්ගලයෙකුව තරමට වඩා විශ්වාස කිරීමෙන් ඔහු හෝ ඇය සමග විශාල ගැටුම් හටගනී. ඔහු හෝ ඇය ඔබට කියූ යම්කිසි අත්තක් එය බොරුවක් කියා ඔබට දැනුනු හොත්, වෙනකෙකු විසින් ඔබට දැනුනු හෝ වෙනකෙකු කියතොත් ඔබ එය විශ්වාස කරනු ඇත. කෙසේ නමුත් වැඩි විශ්වාසය වැඩි පුර හිතීම දුකට හේතු වේ. ඔබ ආදරය කරන තැනැත්තිය හෝ තැනැත්තා තේරුම ගැනීමට අපහසු වන අවස්ථාද එමටයි. එමෙන්ම ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් තේරුම් ගත නොහැකි අවස්ථාද ඇත. කෙසේ හෝ ඔබට මසකින් දෙකකින් ඔබගේ ආදර වන්තය හෝ ආදර වන්තිය තේරුම් ගත නොහැක. සමහරක් විට කොපමණ තේරුම් ගැනීමට උත්සාහ කලත් ඔබට තේරුම් ගත නොහැක.කෙසේ නමුත් ඔබ ඔහුට හෝ ඇයට වඩාත් ආදරය කරන්නේ නම් හොදින් තේරුම් ගෙන තිබේ නම් එය බාධාවක් නොවෙන බව මගේ විශ්වසයයි . සමහරක් තමාගේ ආදරය ඔහුට/ඇයට ඇගවීමක් නොකරයි. තවත් සමහරක් තමාගේ ආදරය ඕනෑවටත් වඩා ඔහුට/ඇයට පෙන්වයි. නමුත් ඒ සියලු දෙනාගේම හිත්වල එම ආදරය අඩුවක් නොමැතිව සදාකල් පවතී, ඔබ මේ කියවීමට උත්සාහ කරන කතාන්දරය මීට අවුරුදු 4කට පෙර සිට පැවතගෙන එන අදර කතාන්දරයකි. දැන් ඔබට මෙම කතාව කියවීම සදහා වරම් ලැබේ.

අවවාදයයි: මෙය ඇත්ත සිදුවීම් හා බැදුණු කතාවක් වුවද මෙහි එන සියලුම නම් ගම් හා ස්ථාන මන:කල්පිතයි

Please Note: Every single event on this story is actually happened in the real world & all person names, village and place names are fakes.

Chapter 1 - පළමුවන කැමැත්ත.

සිතුම් යනු වයස අවුරුදු 16යේ තරමක් කුඩා කොලුගැටයෙක්. ඔහු කුඩාකල සිටම මව සහ පිය යටතේ සැදුනු තරමක් දගකාර ප්‍රීතියට කැමති සිනහවෙන් පිරුණු මුහුණක් ඇති කෙනෙක්. ඔහු ගිය පාසලේද ළමුන් එලෙසමය සෑම මොහොතකදීම සතුටින් සිටින්නට තමයි උත්සාහ කරේ. ඉගෙනීමේදී හා අමතර පන්ති වලට සහබාගි වීමේදී උනන්දුව මහත් ලෙස තිබුනත් ඔහු එය අනෙකාට පෙන්වීමට ගියේ නැ, එය ඔහුගේ කපටි ක්‍රියාවක් නම් නොවේ. එලෙස තමා උසස් කියා මුළු රටටම පෙන්වීම සමාජයෙන් කොන්වීමට හේතුවක් යන්න ඔහුගේ මතයයි. ඔහුගේ තිබු හොදම ගුණත්වය ඔනෑම තරහවක් සතුටින් මග හැරගැනීමයි, කෙනෙකුන් ඔහුට තරයේ බන වැදොත් ඔහු ඒවා තඹ සතේකටවත් ගනන් ගන්නේ නැහැ, ඒ වේලාවන්හීදී ඔහු බනින්නා හට කුමක් හෝ විහිළුවක් නැතහොත් ඔහු ඇසීමට ප්‍රියකරන කුමක් හෝ දෙයක් පවසා එම තරහව ඔහුගෙන් ඈත් කරයි. හැම වෙලාවකම විනෝදයට බර මොහුට ඔහුගේ ගෙවල් ගාව සිටි තවත් යහළුවන් කිහිප දෙනෙක් හමුවිය ඔවුන්ද විනෝදයට ඇලි ගැලී සිටී, සසිත, රුවන්, විරාජ් සහ තවත් යහළුවන් කිහිප දෙනෙකුද විය මොවුන් පාසැල් ගියෙත් අමතර පන්ති ගියෙත් එකටය, මෙම යහළුවන් සියල්ල එකමුතුයි කෙනෙකුට කුමක් හෝ හදිස්සියක් සිදුවුවහොත් සියල්ලම එකට කටයුතු කරයි. ඔවුන් එකිනෙකට වැඩි විමසිල්ලෙන් පසුවෙ. කෙසේ හෝ මොවුන් ගිය විද්‍යාව පන්තියේදිත් ඉතින් ගෙදර ඉන්නවා වගේ ආතල් එකේ හිනාවෙලා විහිලු කර කර තමා ඉන්නේ, එම ක්‍රියාවන් පන්තියේ ගුරාටනං එතරම් රිස්සුවේ නැහැ. කෙසේ නමුත් ටික කලකදී ගුරාටත් තේරුම් ගොස් සාමාන්‍ය ලෙස පන්ති පවත්වාගෙන ගියා. සිතුම් හැර අනෙක් යහළුවන් කිහිප දෙනෙකුටම ගැහැණු ළමයින් ඉදියා. සියලු දෙනා එකටම සිටිය නිසා ස්ත්‍රී පක්ෂය ආශ්‍රයක් වැඩිය නෑ එම නිසා සිතුම්ගේ සමහරක් යහළුවන්ට ගැහැණු ළමුන් කෙරෙහි වැඩි ආශාවක් තිබ්බෙත් නැ සිතුම්ටත් එහෙමයි.

කෙසේ හෝ ස්ත්‍රී ආශ්‍රය කරන්නේ අදරයටම නොව යහළුවෙකු විදිහටද ආශ්‍රය කරයි, නමුත් මම කිව යුතු කරණයක් තමයි යමෙකුට කෙනෙක් කෙරෙහි ආදරයක් ඇති වුවහොත් එය නැවතත් යහළු කමකට පෙරලන එක බොරුවක්, මොවුන් යම් කිසි ගැහැණු ළමයෙකු සමග යහළු උනොත් ඇයත් සමග ප්‍රේම සම්බඳතාවයක් පවත්වාගැනිමට පෙලඹේ, මා දකින විදිහට එය ඔවුන්ගේ ප්‍රදනතම අඩු පාඩුව වේ. ඕනෑම ගැහැණු ළමයෙකු සමග කතා බහ කල පලියටම ඇය ඔබට ආදරයක් ඇතැයි කියා සිතීම මහා මෝඩ කමකි , සමහරක් අවස්ථාවලදී ඔබ ඇය හා කතා කිරිම ඇයට කරදරයක් වීමටද පුළුවන් කෙසේ යත් පුද්ගලයා තේරුම් ගැනීම විශේෂයෙන්ම වැදගත් වේ, සිතුම් සහ ඔහුගේ යහළුවන් යන තවත් අමතර පන්තියක් තිබේ එම පන්ති වලින් යහළුවන් පිරිසෙන් වැඩි දෙනෙකු පැමිණෙන්නේ සිංහල පන්තියටය, සිතුම්ට සෙනසුරාදා දිනයන්හි සවස් වරුවේ පැවැත්වූ පන්තියක් විය ඒ විද්‍යාව පන්තියකි, එම පන්තියම ඉරු දිනත් එම ගුරුවරයාගේම වෙනත් ස්ථානයක පවත්වයි, කෙසේ හෝ සිතුම්ට ඉරුදින පාසලත් තිබුණු නිසා ඔහුට යාමට සිදු වුයේ සෙනසුරාදා දවසේය, මෙසේ දිගටම සාමාන්‍යය අයුරින් කාලය ගතවී ගියහ, කෙසේ හෝ ඔහු ඉරුදින පාසැලෙන් ඉවත් වී ටික කලක එලෙසම සිටින විට ඔහුට විද්‍යාව අමතර පන්තියේ ඉරුදිනට ඇති පන්තියට කුඩා වෙනසකටත් එක්ක මාරුවිය පලවෙනි දවසේ මවත් පියාත් සමග ගොස් එම පන්තියට ඇතුළු විය සාමාන්‍යයෙන් දැන් සතියකට ඇතුළු වීමට ගන්න ගාස්තුව තරමටත් වඩා වැඩිය කෙසේ නමුත් සිතුම්ගේ පියාට සාමාන්‍යය තත්වයට මුදල් හදල් තිබිය, එම නිසා එය වැඩිය ඔවුන්ට නොදැනුනි. මෙලෙස සිතුම් දින දෙකක් ඉරුදින විද්‍යාව අමතර පන්තියට ගියහ, මට සිතෙන පරිදි ඔහු ගිය එම විද්‍යාව පන්තිය 3න් වන දවස තරම් සතුටු දවසක් නම් නොවිය, 3 වෙනි දවසේ ඔහු නොසිතු විරු දෙයකට ඔහුට මුහුණ පාන්න සිදු විය, එනම් රූමත් හා සුකුමල පෙනුමකින් යුත් හා ටිකක් උස තරමක් සිහින ඉගක්‌ ඇති ගැහැණු ළමයෙකි, පළමු වතාවට සිතුම්ගේ හිතට ගැහැණු ළමයෙක් පිලිබදව සිතිවිලි මතුවිය, ඇයගේ හැගීම් කෙසේ වෙයිද, ඇයගේ කටහඩ මොනවගේ වෙයිද ඇය මට කැමති වෙයිද යන්න මේ සියල්ලක්ම ඔහුගේ සිතට රේල් පාරක express කෝච්චියක් යනවා වගේ දිගටම මෙම අදහස් හදපතුල පලාගෙන එන්නට පටන්ගත්ත “මාරයිනේ අම්මප කෙල්ලෙක් දැක්කහම ඔහොම වෙනවනේ ..” ඇත්තටම කිව්වොත් සමහට කොල්ලන් කෙල්ලෝ හැට හුටාමාරකට විතර ලව් කරලා බුට්‌ තියනවා අම්මප උන්ට හෙන ගහන්න ඕනේ, කෙල්ලෝ අනාත කරලා බදින කොල්ලට කරන්න දේකුත් නැති කරනවා, ඇත්තටම කොල්ලෝ අපි ගැන බැලුවොත් කොල්ලෝ එහෙම තමයි හැබැයි සමහර හොද කොල්ලොත් ඉන්නවා, තවත් සමහරු එක කෙල්ලෙක් මත්තේ මැරි මැරී නැහෙන්න හදනව එත සමහරු මෙහෙමයි, කොල්ල කෙල්ලට කැමතියි නමුත් කෙල්ල කොල්ලට කැමති නැ, මෙහෙමත් වෙනවා කෙල්ල කොල්ලට කැමති එත් කොල්ල එහෙම තමාට ලව් කරන කෙල්ලෙක් ඉන්නවද කියලවත් දන්නේ නැ, කොමින් කොහොම හරි මේ කතාවක් එක්ක බැලුවොත් “හෝව් හෝව් කතාව කියවගෙනම යමුකෝ එතකොට ඔගොල්ලොන්ටම තේරෙයි” ඔන්න ඉතින් මේ ගැහැණු ළමය ඇවිත් ඉදිරි අසුන් වල කොනේම ඉදාගත්ත ඉන්පසු “ හා ඔන්න ළමයි අලුත් ළමයෙක් පන්තියට ආවා, හැබැයි ඔය ළමයි මේ ළමයට කරදට කරනවා එහෙම නෙමෙයි ” ඔය කිව්වට අපේ පන්තියේ හිටිය ඔක්කොම වගේ සිතුම් දන්නා තරමින් හොද අන්ඩපාලයෝ ටිකක් තමයි, කොහොම හරි ඔන්න ඉතින් එදා දවස යන්තම් ශේප් එකේ ගියා, කොහොම හරි දැන් සිතුම්ට මෙයාගේ නම දැනගන්න කම් ඉවසිල්ලක් නැ, සිතුම් ගැන කිව්වොත් මු මොන කෙල්ලෙක් එක්කවත් කතා කරන්නේ නැ මුගේ චරිතේ එච්චරට හොදයි, මුව දැක්කම හැබැයි ඕනේ ගැහැණු නම් කැමති වෙන size එකේ මාර හැන්ඩි ලූක්‌ එකක් තියෙනවා, ඕනෑම කෙල්ලෙක් එකට කැමති වෙනවා නොඅනුමානයි, ඇත්තටම කිව්වොත් කෙල්ලෙක් ඇවිත් බැරි වෙලාවත් මුගෙන් මොනවා හරි ඇහුවොත් මුගේ හාර්ට් එක බොලොක්කෙකට ගහනව වගේ ගැහෙන්න පටන් ගන්නවා, ඇත්තටම සිතුම්ගේ යාළුවන්ට හිතාගන්න අමාරුයි ඇයි සිතුම් කෙල්ලන්ට ඔච්චර බය කියල, එත් හරි හිත හොද dial එක, කෙසේ හෝ මුගේ සෙට් එකත් එක්ක එකතු වෙලා මු කරන්න ඕනේ පිස්සු වැඩ ඔක්කොම ටික කලා ඒ ගැන නම් කියල වැඩක නැ, කොහොම නමුත් සිතුම් එච්චර සද්දයක් බද්දයක් නැති එකෙක් නම් නෙවෙයි මේක හොරෙන්ම ගේම දෙන එකෙක්, දවසක් දා මුගේ යාලුවෝ සෙට් එකයි මුයි මැච් එකක් ගහන්න බෝලයක් ගන්න කියල ගියා කඩේකට කරපු කැත වැඩේ කියන්නේ අනිත් උන් ටික අහිංසක රිලා පැට්වු වගේ බෝල තෝරද්දි මු හොරෙන්ම එකක් සාක්කුවේ දාගෙන. අම්මපා මු වගේ ගොබිලෙක්, මේ බව එතන හිටපු එකෙක්වත් දන්නේ නැ, ඔක්කොම ඉවර වෙලා කට්ටියම බෝලයක් තෝරාගෙන පිට්ටනියට ආවා ඔන්න ඉතින් කට්ටියම ගෙනාපු බෝලය සුබ මොහොතින් උඩ දැම්ම මෙන්න බොලේ තව බෝලයක් උඩ ගියා “යකෝ උඩදී බෝල පැටව් ගහනවා වත්ද?” “නැ බන් මම බලෙන්ම එකක් ඉල්ල ගත්ත” අන්න ඒ වගේ කපටි වංචනික සද්ද නැතුව ගේම දෙන බුලට් එකක් නමුත් එහෙමම කියන්නත් බැහැ කොල්ලෝ ඕන එකෙක් කට්ටිය එකතු වුනහම ඔය වගේ මගදී වැඩ කරනවනේ, ඒ ඉතින් මම කිව්වේ සිතුම් ගැන, මුගේ හොදම ලගම යාළුවා උනේ සසිත ඌ ඊට එහා ඌ ගැන ලියන්න මට මෙහෙම බැරි වේයි, එත් ඉතින් කොහොම හරි කියන්නන්, වූ ගැන කිව්වොත් ඉතින් කෙලින්ම කියන්න තියෙන්නේ ඌ අමු පිස්සෙක්, පිස්සෙක් කිව්වේ අංගොඩ ගෙනියන්න තරමට ඌට පිස්සුවක් නං තිබ්බේ නැ, සාමාන්‍යය තත්වයේ පිස්සෙක් ඌ කලේ කෙල්ලෙක්ට පන ඇරලා ලව් කරපු එක ඒ කෙල්ලටත් පස්සේ පස්සේ ඒ ගැන තේරුම ගියා කොහොමුන් කොහොම හරි මේක උගේ ගෙදරට ලීක් උනා මලකෙලියයිනේ ඌ තාත්තට අම්බානෙක බයයි තාත්ත බැරිවෙලාවත් හයියෙන් සද්දයක් දැම්මොත් කොල්ල නගිනවා ගහට, ඌ එච්චරට තාත්තට බයයි. කොහොම හරි මුව ඔය කෙල්ලගේ හුට පටේ නිසා දවසෙම කාමරේ දාල ලොක් කරලා තියල උදේට එලියට අරන් මු පොඩි ජිල් මාට් එකක් දාල එක ශේප් කරගෙන නැත්නං එහෙම මුව එල්ලන්න ඉඩත් තිබ්බ, කොහොමින් කොහොම හරි ඒ ගැනු ළමයත් සති දෙකකට පස්සේ නුවර පැත්තට ට්‍රාන්සර් වෙලා ඒ කිව්වේ අපි හිටපු පළාතෙන් නුවරට යන්නම ගිහින් අපේ ගෙවල් තිබ්බේ කොළඹ පලාත්වල, දැන් ඉතින් අරුට දෙයියන්ගේම පිහිටයි ඌ ඒ ගෑනු ළමයාගෙන් අහන්න ගියේ නැත්තේ හොද වෙලාවට ඇහුවන්නන් මුට පනින්න ලිං අපිට හාරන්න වෙනවා, ඒ මම කිව්වේ සසිත ගැන, තවත් සිතුම්ගේ යාලුවෙක් තමයි රුවන් ඌ මේ ඔක්කොටම වඩා එහා එක ගැන මම ටිකක් කියන්නම්, රුවන් සුදු සාමාන්‍යය උස ඇති පිරිමි ළමෙක් ඌ ගෑනු ළමයි බර ගානක් ආශ්‍රය කරලා තියෙනවා දන්නා විදිහට බුටුත් දහ පහළොවක්ම වගේ වැදිලා තියෙනවා ඇති කොහෝම හරි අන්තිමේදී උටම ගැලපෙන කියපු කෙල්ලෙක් අන්තිම වශයෙන් කියල හිතන්න පුළුවන් විදිහට සෙට් උනා දැන් ඌ එක මත්තෙම නැහෙන්න හදනව කොහොම හරි සතුටු විය යුතු කාරණය වෙන්නේ ගැහැණු ළමයි කිහිප දෙනෙක් හරි ඉතිරි වෙච්ච එක ගැනයි මුට හොදට වාහන එලවන්න පුළුවන් බොරු ලයිෂන් ගහගෙන කෙල්ලන්ව දාගෙන රෝන්දේ ගහනවා එකත් ඉතින් තාත්තගේ පොකට් එකට තමයි බලන් ගියාම දෙමව්පියෝ පව් කියලත් හිතෙනවා මොකද අපි කරන ඔලමොට්ටල වැඩ වලින් තැලෙන්නේ පොඩිවෙන්නේ එගොල්ලොනේ, කොහොමින් කොහොම හරි ඌ දෙමව්පියන්ගේ හිත රිද්දන ජාතියේ එකෙක් නං නෙමෙයි ඌත් හොද හිතක් පපුවක් තියෙන පොරක්, වැරැද්දකට තියෙන්නේ කෙල්ලන්ව අමාරුවේ දැන එකයි, සිතුම් සාමාන්‍යයෙන් රුවන් එක්ක තරමක් දුරට ආශ්‍රය කලත් මිනිහ ඒ වගේ උනේ නැ එයා දැනගෙන හිටිය තමා සිටිය යුතු මට්ටම සහ තමාගේ ඉලක්කය එයා ඒ මතයි ගියේ කෙල්ලෝ ආශ්‍රය මිනිහට නම අප්‍රියයි, මිනිහගේ මනස “ කෙල්ලෝ ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය යන්නයි” “නමුත් එහෙම කිවම වැරදිනේ මචන්” කියල සිතුම්ගේ යාලුවෝ සිතුම්ට කියනවා “මොකද අම්මත් ගැහැණියෙක් නේ එතකොට හොද නැ නේද?” එතකොට සිතුම් දෙන උත්තරේ “මම අම්මව අත හැරලා බන් කිව්වේ” කොහොම හරි සිතුම් ගාව ඕනේ ප්‍රශ්නෙකට තරමක් හරි හොද උත්තරයක්‌ තිබුන, සමහර උත්තර ලොජිකල් විදිහට හිතලත් දෙනවා, ඒ වගේම සිතුම්ට පරිගණක පැත්තෙන් මාර නොලේජ් එකක් තිබුන මුට computer එකක් කිව්වම එක ගිලල ප්ලේන් ටි ගහපු පොරක්, ඒක තමයි මාරු වැඩේ සිතුම් දවසක් කකා ඉදිද්දී අපි මිනිහගේ පාන් එකේ මැද්දට පිච්චිච්ච ෆොන් මෙමරි චිප් එකක් දැම්ම එක ගොඩක් පොඩි චිප් එකක් (micro chip size) ඔන්න ඉතින් මු දැන් පාන් එක රස කර කර කනවා, ටිකක් කාගෙන යද්දී “කටස්” ගාල සද්දයක් ආවා අපි ඉතින් හිතුව හරි බඩු හරි තමයි කියල, කාපු එක අරන් බලන කොට එතන අපි නැ මිනිහට තද වෙලා පස්සේ දවසක අපි හෙමිහිට ශේප් කරගත්ත මිනිහා වැඩිපුරම පාසලේ වැඩ වලට ගොඩක් පරිගණක සම්බන්දයෙන් උදව් කරනවා ඕනෑම වැඩක් මිනිහට බාරයි නියමෙට සහ ඉක්මනින් කරලා දෙනවා ඒ නිසා මිනිහට පාසලේ සිටින සියලුම දෙනා කමතියි ,සර්ලා හා මිස්ල මිනිහ ගැන හැම තිස්සෙම ඉන්නේ වර්ණනාවෙන් තමයි, සිතුම්ට හිටිය තව යාලුවෙක් තමයි විරාජ් මිනිහා හෙන ඔතැනි පොරක් එත් වැඩ හොදයි හොදට ඉගෙන ගන්නත් පුළුවන් හැම තිස්සෙම ඉන්නේ ගෙදර මේ කට්ටියට වැඩිපුරනන් හම්බෙන්නේ නැ එත් හරි හිත හොද එකා හැබැයි එකගෙත් තිබ්බ අඩුපාඩුවක් ඒ තමයි කැසිල්ලට බොරු කීම, මිනිහගේ පට්ට පල් බොරු වලට අන්දරෙත් අහු වෙනවා අප්පා එච්චරට බොරු මිනිහ ගාව ගබඩා කරලා තියෙනව අනිත් එක බොරු කියන්නෙත් ඇගට නොතෙරෙන්න, හැබැයි ඉතින් අන්තිමට බොරු ඔක්කොම මාට්ටු වෙනවා, මුගේ බොරු වලින් කාටවත් හානියක් නම නැහැ ඒවා ඇවිල්ල නිකරුනේ කියන බොරු ඒක නිසා වැඩි ආබාදයක් නැ, කෙසේ හෝ විරාජ් විද්‍යාව පන්තියටත් සෙනසුරාදා ඇති සිංහල පන්තියටත් දෙකටම පැමිණිය එම නිසා වැඩියෙන් සිතුම් ගැන විස්තර දන්නේ විරාජ්, මම අර කලින් කිව්වා වගේ දවසක් විද්‍යාව පන්තියට අපු ගැහැණු ළමයට සිතුම් දාපු බැල්මට් එක හා ඒ වෙලාවේ හිටිය මූඩ් එක ගැන වැඩිපුරම දන්නේ විරාජ්, විරාජ් ට දැනුන සිතුම් කාරය එන පොට හරි නැ ටිකක් ටච් එකේ හිටියොත් හොදයි කියල, කොහොම හරි සතියක් ගෙවී ගියා, අර විද්‍යාව පන්තියට පැමිණි ගැහැණු ළමය එන දෙවෙනි සතියයි මේ, කලින් මවත් පියාත් සමග පැමිණි සිතුම් දැන් විරාජ් එක්ක බයික් එකේ එන්න පටන් ගත්තා එකත් හොදයි නියම ෆන් එක, එදා දවසේ පන්තියට ඒ ගැනු ළමයා ටිකක් කලින් ඇවිත් හිටිය ඔවුන්ගේ පන්තියේ නම් ලකුණු කරන්නේ දෙනු ලබන ලද කාර්ඩ් එක පෙන්වූ විටයි, නැතිනම් මුදල් දී කාර්ඩ් පතක් ගත යුතුය. කෙසේ හෝ සිතුම් සහ විරාජ් හා අනෙක් යාළුවන් ටික කාර්ඩ් පත පෙන්වා ඇතුල් විය සිතුම් පන්තියට ඇතුල් වුනේ ටිකක් පස්සේ මොකද එතකොට ටිකක් වැඩිපුර අර ගැනු ළමයාගේ මුන බලාගන්න පුළුවන් නේ, කොහොම හරි පන්තියේ ඇතුලට යන විට පෙරදින මෙන් ඇය ඉදිරි අසුනෙහි අයිනකට වී වාඩි වී සිටියා , කලින් නොසිටි යාළුවන් වගයක් ඇය එක්ක සතුටු සමිච්චියේ යේදී සිටියි, ඔන්න ඉතින් දැන් සිතුම්ගේ හිතට එනවා සිතුවිල්ලක් “අනේ මටත් කතා කරන්න තිබ්බනම්” සිතුම්ට සිතුනි, ඔහු දැන් පැණි හල හල ගොස් ඔහුගේ ආසනයෙන් වාඩි විය, දැන්නම් ඉන්න බැ සිතුම්ට, ඇයගේ මුහුණ රූමත් බවින් පිරී තිබිණි සිතුම්ට තව තවත් පිස්සු හැදුනි, ඔහුගේ මුවින් ඉබේටම මෙසේ පැවසුනි “මම ජීවිතේටම මේ වගේ සිරා කෙල්ලෙක් නම් දැකල නැහැ” එතකොටම විරාජ් එකට රිප්ලයි එකක් වශයෙන් “එහෙනං දැන් බලාගනින්” කියා කීය, එවිටම සිතුම්ට පියවි සිහිය පැමිණිය, කලින් කෙල්ලන්ව අප්‍රිය කල සිතුම්ට දැන් ගැහැණුන් කෙරෙහි ඇල්මක් ඇති වන්නට විය. හද පතුල යටින් අමුතුම තාලයේ හැගීම් ගලාගෙන එන්න ගත්තා මෙහෙමත් හැගීම මටනං කියාගන්න බැ ඇගේ ලස්සනට ඔහු වශී වී අවසානයි. සිතුම් “පුදුම ලස්සනක් නේ තියෙන්නේ” විරාජ් “ හරි හරි දැන් නවත්තපන්” විරාජ් ට මල පැන්න “මොනවද බන් කෙල්ලෝ දැකල නැද්ද?” සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් හැම කෙනාටම ලස්සන වෙන්නේ නැහැ, එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා මතයි, සමහරක් විට ඒ ලස්සනයි කියා හිතන සහ පෙනෙන කෙනා තමාගේ සහකාරිය වීමට ඉඩ කඩ ඇත. ඇතැම් විට ඉඩ කඩ අහිමි වීම් ද ඇසිය හැක. අයෙත් කතාවට එමු ඔන්න ඉතින් ප්‍රේමයේ ඇනකොන්ඩ මාමා ආවා ඌ මැද්දට පැනල ඔක්කොම විනාස කරනවා ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ විද්‍යාව ගුරා ප්‍රේමයේ ඇනකොන්ඩා උනාට අධ්‍යාපනයේ දේවිය, සමහර වෙලාවක් වලදී ඇනකොන්ඩත් මොලේ ඇති වැඩ කරයි ඒ වගේම එදින පන්තියේ ගුරාද නුවණක්කාර වැඩක් කලා ඒ තමයි සිතුම් වැඩිපුරම ආසා කරන ගැහැණු ළමයාගේ නම ඇසීම, එවෙලේ සිතුම්ගේ සිතට කියාගත නොහැකි සන්තෝෂයක් දැනුනා “අම්මප සර්ව වඩාගන්න එපැයි” කෙසේ හෝ ඇයටද ඒ අවස්ථාවේ නම කීමට සිදුවිය ඉන්පසු ඇය “සර්” කියා නම කීමට සැරසේනවාත් සමගම හෙනහුරා ගැහුවා වගේ එතෙන්ට කලින් අවුරුද්දේ (සා .පෙ) විභාගය කල ළමයෙක් ලකුණු කියන්නට පැමිණියා, දැන් ඉතින් සිතුමට තරහවෙ උපරිම ඒ ගෑනු ළමයත් නම කිව්වේ නැ “නි” කියල නම පටන් ගන්න ගිහින් නැවැත්තුව සිතුම් දැන් පස්සට පෙට්රෝල් ගහල වගේ “නි නි නි..” ගා ගා මුමුණනවා “නි නං මොනවද බන් එන නම්? ” ඔහු විරජ්ගෙන් ඇහුව “ඇයි මචන් නිරුවත්” සිතුම් හිටිය තරහවෙ තවත් මල පැන්න, ඒ වෙලාවේ සිතුමට විරාජ්ගේ මුනේ තියෙන සිරියාව යන්න දුම් ගහන්න හිතුන “උබෙන් ඇහුවට වඩා හොදයි මම කල්පනා කරා නං” සර් තාම අර ආපු ළමයත් එක කයිවාරුවෙ. “නි නි නි... නි.. හ්ම්ම් නිලුකා, නිර්මාණි, නිසංසල” “පවන්සල මට කතා කරා” එත් එක්කම විරාජ් කීය, එත් එක්කම සිතුම් “අනේ වහගනින්” විරාජ් “අහ්හ් අපි කිව්වමත් නරකයි” ඊටපස්සේ සිතුම් කිසිවක් කියන්නට නොගියහ, “අම්මට උඩු මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි” සිතුම් සිතුවා, “මේක හරියන්නේ නැ අනේ කොහොම හරි නම කියන්න “නි” , ඇති යන්තං සර් කාරය අර ලකුණු කියන්න ආපු මනුස්සයගෙන් ගැලවිලා එනවා “අයෙත් අහපන් අහපන්...” සිතුම් හිතෙන කැ ගහනවා, සර් ඒත් සමගම “මම කොතනද නැවැත්තුවේ?” සර් ඇසිය විරාජ් පැන්න ගමන් “අරයගෙ නමින්” කියා “සිතුම්ගේ සිත් ගත් පෙම්වති” කියා කිව්වා එක වැඩිය සර් ට ඇහෙන්න කිව්වේ නැ හෙමිහිට මිමිනුව ඒ වෙලාවේ සිතුම් ව උඩ ගියා, ඊටපස්සේ සර් “අහ් ඔව් මොකක්ද දු ඔයාගේ නම” “නිපුනි” “ආ ශෝර්ක් නම” සර් හිනා වෙලා කිව්වා, එක ඇහිච්ච ගමන් සිතුම් ගේ සතුට ඉහ වහා ගියා ඔහුට මෙතෙක් වෙලා දැනගැනීමට අසාවෙන් සිටි වැදගත්ම දේ ඔහුට දැනගැනීමට හැකිවිය, එතරම් සතුටක් තවත් නම් නැ කෙසේ හෝ එදා දවසෙත් වෙනදා මෙන්ම ගෙවී ගියා සතුටට එක් වුයේ ඇයගේ නම දැන ගැනීමයි. එදින පන්තියත් අවසන් විය සතියේ ඉතිරි දින සියල්ලම සිතුම් ගෙවුයේ ඉතාම අපහසුවෙනි ඔහුට සැම වෙලාවකම කරන සැම කාර්යයකදීම ඔහුට මැව් මැවී පෙනෙන්නේ නිපුනිගේ මුහුණයි සතියේ ඉතිරි දින හයේම ඔහු ඇගිලි ගැන ගැන ඉන්නේ ඉරිදාව ලංවෙන තුරුයි. දැන් ඉරිදා ඔහුගේ ප්‍රියතම දිනය වී හමාරයි නිපුනිගේ මුහුණ ඔහුට උදේට පායන හිරුමෙන් විය, ඕනෑම කොල්ලෙකුට තමා ආදරය කරන ගෑනු ළමය ඉර නැත්නං හද වගේ තමයි, “අනේ මම දන්නේ ඔහොම හරි” කොහොම හරි මෙසේ මාසයක් පමණ ගත වී ගියා, සිතුම් පාසල් ගමන දිගටම කරගෙන ගියා, ඉරිදා පන්තිය අත් හැරිය දවසක් නොවීය මෙසේ කාලය ගතවී යද්දී සෙනසුරාදා ඇති සිංහල පන්තියේදී අදහාගත නොහැකි විශ්මයන්ත සිදුවීමක් සිදු උනා එදින ඔවුන් (සිතුම්,විරාජ්,සසිත,රුවන්) පෙරදා මෙන් සෙනසුරාදා ඇති සිංහල පන්තියට ගොස් අසුන් ගෙන සිටිය “ගුරුතුමිය පාඩම පටන් ගන්නා ඔන්න මෙන්න තියෙද්දී අදහාගත නොහැකි දෙයක් සිද්ද උනා ඈතින් සුදු පාටට ඇදගත් කෙනෙකුන් තම පන්තිය දෙසට පැමිණෙනවා දුටුවා, සිතුම් ගිය සිංහල පන්තිය තිබුනේ එම ගුරුතුමිගේම නිවසේ ඉදිරි පස කොටසේ සාලයේ, ඉදිරි පස ඇති ජනෙල පේලියේ දෙසටමයි පන්තියේ පුටුත් තිබුනේ, එයින් හොද එළියක්‌ පන්ති කාමරේ තුලට පැමිණෙනවා, දැන් අර ඇත සුදු පාට ඇදගත් පුත්ගලය එන්න එන්න ලං වෙනවා එත් එක්කම සුදු පාටත් එක්ක ඉර අව්ව පරාවර්තනය වෙලා තවත් සුදුවට පෙනන්නේ, එලිය එන්න එන්න වැඩි විය ඒ දීප්තිමත් එළියත් සමගම ඒ පුත්ගලය ගේ ලගට ඇවිත් නිවසේ බෙල් එක නාද කරා, ඉන්පසු ගුරුතුමීත් අසුනෙන් නැගිටලා ගොස් දොර විවර කරා “ආ එන්න” කිරි අප්පට බල්ලෝ පැනපි ගැහැණු ලමෙකුත් තව ඒ ළමයාගේ අම්ම යයි කිව හැකි ගැහැණු කෙනෙකුත් පන්තිය තුලට පැමිණිය, එත් සමගම සිතුන්ට දෙලෝ රත් උනි, කිසිම විටකවත් අදහා ගත නොහැකි දෙයක් සිද්ද උනි, ඒ වෙන කව්රුත් නෙමෙයි ඒ “නිපුනි” සිතුම්ට අදහා ගත නොහැකි විය. නිපුනිද එක පාරටම සිතුම් දිහා බැලීය සිතුම්ට කර කියාගත හැකි දෙයක් නොතිබිණි පාඩමද තවමත් පටන් ගෙන නැත. ඔහුට පෙරලිය යුතු පිටුවද අමතක විය. ඔහු එක පාරටම ලජ්ජාවෙන් මෙන් බිම බලාගත්තා, මේ සියල්ල බල සිටි විරාජ් එක පාරටම “අද හරි මෑන්ස් එතනමයි” එවිට අනෙක් යාළුවන් ටිකද පියවි සිහියට පැමිණියහ. මොකද කිව්වොත් ඇගේ ලස්සනට අනෙක් අයත් අන්ද මන්ද වෙලා බලාගෙන සිටිය ඒ බවක් නොදැක්ක සිතුම් ඔලුව පහත් කරගෙන සිටියහ, ඔවුන් ගීය සිංහල පන්තියේ මේස 5ක්ද පුටු 5ක්ද විය. වැඩිපුර ගැහැණු ළමයි නොවීය, ගැහැණු ළමයි හතර දෙනෙකුත් පිරිමි ළමයි හත්දෙනෙකුත් පමණයි පන්තියේ සිටියේ. “නිපුනි” පැමිණ ඔහු සිටි මේසයට ඉදිරියේ තිබුණු අසුනක ඔහුට ඉදිරියෙන්ම වාඩි විය, එම පන්තියේ ඇයට නව යෙහෙලියන් දෙදෙනෙකු විය සමහරක් විට ඇයට ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුන් එම පන්තියට එන්න කියා ආරධනාවක් කරන්න ඇති සිතුම්ට සිතුන,කෙසේ හෝ සිතුම්ට තව තවත් ඇයට ලං වෙන බවක් පෙනෙන්නට විය එය අහඹු සිදුවීමකි කෙසේ උනාද කියා සිත ගත නොහැකි විය. එදින පන්තියේ කල කිසි දෙයක් සිතුම්ට මතක නොතිබිණි, පන්තිය අවසන් වී යද්දී සිතුම් අනෙක් යාළුවන්ට තමන්ගේ මේ කතාව පිළිබද විස්තර කරන්නට විය විරාජුත් ඒ අස්සෙන් මැද්දට පැනල මදි පාඩු පුරවන්නට ගත්තා කෙසේ හෝ මුළු කතාවම ලුණු ඇඹුල් පදමට දාල සිතුමුයි විරාජුයි අනෙක් යාළුවන්ට රස කර කර කිව්වා, මේක හොදට තේරුම් ගිය යාලුවෝ සේට් එක නැවතිලා නිපුනි එක්ක කතා කරන්න තීරණය කරා, ඔවුන්ගේ සිංහල පන්තියට යාමට තිබු පාර තරමක් පටු රථ වාහන වලට යා හැකි පාරකි ටිකක් විතර දිගට විහිදෙන මේ පාරේ මීටර් 100 පමණ ගිය විට කෙලින්ම ඇත්තේ සිංහල පන්තියටයි, මොවුන් දැන් පාරෙන් බාගයක් දුර ඇවිත් ඉවරය සාමාන්‍යයෙන් සිංහල පන්තියේ අන්තිමට එන්නේ ගැහැණු ළමයිනුයි මොවුන් සිතුවේ ඔවුන්ට තවත් වැඩිපුර උගන්නනවා ඇති කියලයි මොකද ස සාමාන්‍යයෙන් පන්ති වල උපරිම පිස්සු වැඩ කරන්නේ කොල්ලොනේ මේ සෙට් එකත් ඒ වගේ තමයි කිසිම අඩු පාඩුවක් නැ. කොමින් කොම හරි විනාඩි පහකට දහයකට පස්සේ ඈතින් ගැහැණු ළමයි එනවා පෙනෙන්නට විය, නිපුනිත් එක්ක තවත් කෙනෙකුන් එනු පෙනින ඒ ඔවුන්ගේ පන්තියේ සිටි ගැහැණු ළමයෙකි ඇයගේ නම නම් සිතුම් හොදට දන්නවා ඇයගේ නම නොදන්නා කෙනෙකුන් නොවීය මොකද ඇය මිශ්‍ර පාසැලකටයි ගියේ, ඇයගේ නම ෂෙහානි ඇයත් නිපුනිගේ තරමටම උසයි හැබැයි ටිකක් විතර මහතයි, නිපුනියි ෂෙහානියි තමයි පන්තියේ උසම ගැහැණු ළමයි දෙන්න, නිපුනිගේ උසටත් වඩා සිතුම් උසය කෙසේ හෝ සිතුම් සහ ඔහුගේ යහළුවන් පිරිස ඇය එන කම්ම බලා සිටිය නමුත් එක විටම “අනේ එක්කෝ ඕනෙ නැ බන් පස්සේ දවසක කතා කරමු” සිතුම් මෙසේ කීය,මෙය ඇසුණු සිතුම්ගේ අනෙක් යහළුවන්ට තරු පෙනුනි “මොකක්ද බන් උඹ වෙනුවෙන් මෙච්චර වෙලාවක් ඉදලත් අපිට සින් එක බලාගන්න බැරි උනානේ කියා ඔහුගේ තවත් මිතුරෙක් කීය. එවිට “අනේ බන් මේ මුගේ ඇති සීන් එකක් නැ බන් අපි යන් යන්න, උබේ ලව් අපිට හිලව් යමන්” කියා විරාජ් කියුහ, මෙය ඇසුණු සිතුම්ට හරිම දුකයි තමා වෙනුවෙන් මෙච්චර වෙලාවක් තමන් කැමති ගැහැණු ළමයා එනතුරු බලාසිටි යහළුවන් ටිකට දුන්න දුක කියා ඔහුට සිතුනි, කෙසේ හෝ එදා දවස ඔහුට සතුටක් මෙන්ම දුකකුත් විය සතුට වුයේ නිපුනි ඔහුගේ සිංහල පන්තියටද පැමිණීමයි දුක වුයේ ඔහුගෙන් යහළුවන්ගේ සිත් රීදවීමයි, කෙසේ හෝ දෙකම සිදුවිය.

පසුවදා උදේට ඔහු විද්‍යාව පන්තියට යන්නට ලැස්ති විය ඔහුගේ මිතුරු විරාජ් සමග උදේ 9 වන විට පන්තියට ගියහ, කෙසේ හෝ නිපුනි එදින පන්තියට නොපැමිණියහ එතරම් දුකක් සිතුම්ගේ හිතට කවදාවත් පැමිණ නැතුව ඇති කේසේ හෝ එදින ඔහුට ජරාම දවසක් විය කරපු කියපු කිසිම දෙයක් ගැන ඔහුට තැකීමක් නොවීය, එදා දවස ඉක්මනින්ම ගෙවී යනතෙක් සිතුම්ට ඉවසිලි නොවීය, කෙසේ හෝ එදින දවස ඔහුට නිපුනිව දැකගැනීමට නොහැකි විය, එදා දවස අවසන් වී නව දවසක් උදා විය එදින ඔහුට පාසැල් යාමටද ප්‍රිය නොවීය කෙසේ හෝ අම්මාට රටේ නැති ලෙඩ කියල එදා දවස පාසැල නොගිහින් ශේප් උනා, එදා දවස තුල හිතේ දුක ටිකක් ලිහිල් වෙන තෙක් සිට පහුවදා සිට දිගටම සතිය පුරා පාසැල ගියා. නැවතත් සෙනසුරාද දිනය උදා විය, සිතුම්ගේ ජීවිතයේ නිපුනි පැමිණෙන්න පෙර කිසිදු දවසක් ඔහුට විශේෂ නොවීය නමුත් දැන් ඔහුගේ ප්‍රියතම දවස් නම් ඉරිදාය එත් සමගම දැන් සෙනසුරාදත් ඒ දවස් ගොඩට එකතු විය, එදින නිපුනි පන්තියට වේලාසනින් පැමිණ තිබුණි කහ පැහැති ඇදුමකින් සැරසී සිටි ඇ අළු පැහැති කලිසමක්ද ඇද සිටියා ඇය ඒ ඇදුමට ඉතාමත් ලස්සනට සිතුම්ට දිස්විය, සිතුම් සැම සිහිනයකදිම දකින සිහින කුමරිය ඇය විය යුතුයි නින්ද යන සැම වරකදීම පෙනෙන්නේ ඇගේ රුවයි ඒ රුව අයිති නිපුනිටමයි වෙන කිසිවෙකුටවත් නොවේ කියා සිතුම් සිතුවා.

මෙසේ දිගින් දිගටම කාලය ගෙවී ගියා, සෙනසුරාදා සහ ඉරිදා ඇති අමතර පන්ති වලට හැරෙන්න ඔහුට වෙනත් පන්ති නොවීය, එක පන්තියක් නිවසේ තිබින ඒ ගණන් පන්තියයි ඔහුට විශිෂ්ට ලෙස ගණන් පුළුවන් විය ගණන්වලට උපන් හපනෙකි, ඕනෑම සුත්‍රයක් කට පාඩම ව තිබු ඔහුව පැරදීමට කිසි වෙකුටවත් නොහැකි විය, ඉස්සර සිට ඔහු ප්‍රිය කල ගණන් ගුරුවරයෙක් සිටිය එම ගුරුවරයාගේ පන්තියේදී මුලින්ම ගණන් හදල ඉවර කරන ළමයත් සිතුම් විය ඔහුත් එම පන්තියේ ඔහුගේ යාළුවොත් සමග ඔහු තරගෙට ගණන් සාදා ඉවර කරනව එම නිසා ගුරුවරයාත් සිතුමට ගොඩක් ආදරෙයි සිතුම් ඕනෑම තැනකදී කිසිදු හේතුවක් නොමැතිව ප්‍රදාන තැනක් ගනී සමහරක් විට එය ඔහුට අවේනික දෙයක් වෙන්නත් පුළුවන්, පංතියකදී එහෙමත් නැතිනං විශේෂ උත්සවයකදී යහළුවොත් සමග එකතු උනොත් ඔහුව හැමතනකින්ම කැපි පෙනෙයි, සිතුම්ගේ දාන්ගලේ පටන් ගන්නේ යාළුවොත් එක්ක ඉදියොත් විතරයි නැත්නං හොර බලල වගේ පැත්තකට වෙලා ඉන්නවා, කෙසේ හෝ ඔහුගේ අසාව පරිදි ගෙදර ගණන් පන්තියක් කිරිම ඔහුගේ කැමැත්තයි, සිතුම්ගේ අම්මයි තාත්තයිත් එම අදහසට කැමති විය, සිතුම්ගේ දෙමව්පියොත් සිතුම්ගේ කැමැත්තට ඉඩ දෙයි මොකද පවුලේ එකම ළමය නිසා ඔහු ඉල්ලන ඕනෙම දෙයක් දෙමව්පියන් ඔහුට ලබා දෙනවා.

මෙසේ ටික කලයක් ගත වී ගියා දිනක් සිතුම්ට මෙලෙස සිතුනි “මම මෙච්චර නිපුනිට ආදරේ නම් ඇයි මම එයාගෙන් මේ ගැන අහන්නේ නැත්තේ” මේ ගැන ඔහු කෙලින්ම ගොස් විරාජ්ට කිව්වා, “අනේ අනේ මේ නවත්ත ගනින් තොගේ ඔය ලව් පලහිලව්ව, යකෝ තෝ අපෙත් වයර් ෂෝර්ට් කරනවනේ නවත්තගනින් නවත්තගනින්..” එවිට සිතුම් මෙසේ කියා “මචන් සිරියස් කියන්නේ මම නිපුනිට ආදරෙයි බන් මොකක් හරි කරපංකෝ” එවිට විරාජ් “යකෝ මම මොනවා කරන්නද උබ ගිහින් කෙලින්ම ඒකිගෙන් අහපන් නැත්නං එකී කසාද බැන්දට පස්සේ උබ ගිහින් කසාද මිනිහගෙන් අහපන් උබට දෙයි දත් ගැලවෙන්න” ‌එවිට සිතුම් “හරි මම තීරනයකට අවා අපි ගිහින් ලබන සෙනසුරාදා මේ ගැන එයාගෙන් අහමු” එවිට විරාජ් “බහු වචන දාන්න එන්න එපා.. උබ හිතුවද මාත් උබේ කෙල්ලට බහින්න යනවා කියල චි.. චි.. චාටර් නේ බන් ලැජ්ජයි අහ්.. ” එවිට සිතුම් “හරි හරි මම ගිහින් අහන්නම්” එවිට විරාජ් “අහ් අන්න එහෙම වරෙන් නැත්නං එකී හිතයි බොට කොන්දක් නැ කියල” ඔහොම කාලේ ගත වී ගොස් සෙනසුරාදා දිනය උදා උනා, වෙනදා මෙන් සිතුම් පන්තියට පැමිණිය, එදින නිපුනි කොළ පාට බ්ලව්ස් එකක් සහ තරමක් වොෂ් කරපු කලිසමක් ඇදන් ඇවිත් තිබුන සිතුම්ගේ හදවත දැන් නිකන් යකඩ කම්හලක් වගේ “දඩින් බිඩ්න්” ගානවා කෙසේ හෝ ඔහු ඇද ඇගෙන් මේ ප්‍රශ්නය ඇසිය යුතුමයි ඇද ඇසුවේ නැත්නං සිතුම්ට අද කන්දෙක වහගෙන තමයි ගෙදර යන්න වෙන්නේ මොකද කාගෙන් බේරුනත් යාලුවන්ගෙන් බේරුමක් නැහැ, සිතුම්ගේ යාලුවෝ නිතරම කියන්නේ, දෙයක් කාගෙන් හරි අහල දැනගන්න ඔනේ කියල හිතට අවොත් එක අහලම ඉවරයක්‌ කරපන් කියලයි මොකද නැත්නම් හැමදාමත් හිත යට හන්ගන් ඉදිය කියල වැඩක් වෙන්නේ නැහැනේ අනිත් එක එහෙම ඉදියම හිතට හරි කරදරයක් කවදාවත් ඉවරයක්‌ වෙන්නේ නැති දෙයක්, කොහොම හරි දැන් පන්තිය පටන් අරන් පැයකට කිට්ටු උනා පන්තියේ මොනා කරනවද කියා සිතුම්ට කල්පනාවක් නොවීය.

කෙසේ හෝ මිනිහ මෙලෝ සිහියක නෙමෙයිනේ ඉන්නේ නිපුනිගේ සිහියෙන් නෙ ඉන්නේ, දැන් මිනිහගේ හිත දෙපැත්තකයි ඉන්නේ අද නිපුනිගෙන් මේ ගැන අහනවද? නැත්නම් නිකන් ඉන්නවද? අනේ නිකන් ඉන්න නං බැහැ, මට මෙච්චර ලස්සන එක්කෙනෙක් අයෙ කවදාවත් හම්බෙන එකක් නැහැ මේ ගැන මම අහන්නම ඕනේ, දැන් සිතුම් කරන්නේ මොකක්ද කියල රුවන්ටයි සසිතටයි අමු කාල වගේ මුන් දෙන්නම කුතුහලෙන් බලන් ඉන්නවා, මේක මොන කරයිද කියල, ටිකක් වෙලා ගිහින් එකපාරටම විරාජ්,රුවන් සහ සසිත හෙන ගහන්න වගේ සිතුම්ගේ ඇගට පැන්න එවිටම ගුරුතුමී “මොකද මේ වෙලා තියෙන්නේ” කීහ එවිටම වගේ විරාජ් මෙසේ කිව්ව, “චිකුන්ගුන්ය මිස්” එවිට සිතුම් තිගැස්සිණි “මට මොන චිකුන්ගුන්යද බොල” එවිටයි ඔහුට තේරුනේ කුකුල් කමට කිව්වා කියල, එත් මෙය කුකුල්කමක් නොවේ සිතුම්ගේ හද පතුලෙන්ම නැගුනු පිවිතුරු ආදරයක්, නිපුනිට ඇති ආදරය කොතරම්ද කියතොත් සිතුම්ට නිපුනිව නැතුවම බැරි විය කවදාවත් කතාවක් නොකර කවදාවත් ආශ්‍රය නොකර මෙතරම් බැදීමක් කෙසේ හටගත්තද යන්න ඔහුටද මහත් ගැටලුවකි. සිතුම් කිසිම දිනෙක නොදැක එක පාරටම දැක්ක ගමන ඇයට වශි වුයේ කෙසේද කියා ඔහුටවත් නොතේරුනි, සිතුම් පාසල් ගියේ කොළඹ ඔහුට පාසැල් යද්දී පවා නිපුනිටත් වඩා ලස්සන ගැහැණු ළමයින් දකිනවා නමුත් නිපුනිටම හිත යන්න එයාගේ තිබුණු ලක්ෂණ හිතාගන්න අමාරුයි. කෙසේ හෝ පන්තිය අවසන් විය දැන් සියලුම ප්‍රශ්න මැද සිතුම් තනිවී හමාරය, දගර ගැහි තිබුණු ප්‍රශ්න අතුරින් සිතුම් එක ප්‍රශ්නයක තදින් කොටු වී සිටියි, ඇයගෙන් අද මේ ගැන අසනවාද නැද්ද? කෙසේ හෝ උත්තරයද තමාම සොයාගත යුතු වේ. ඔහු කල්පනා කර කල්පනා කර අවසානයේදී පිළිතුරකට පැමිණියා එය හොද පිළිතුරක් කිව්වොත් මා නිවැරදි ඔහු අද නිපුනිගෙන් මේ ගැන අසනවාමයි කියා ඉටා ගත්තා. සිතුමුත් ඔහුගේ යාලුවොනුත් ඔහු සමගය සිතුම් ඉදිරියෙන් යහළුවන් පිටුපසින් කලින් සැරයන්දී මෙන් නිපුනිත් ෂෙහානිත් බස් නවත්වන ස්ථානයෙහි සිටගෙන සිටී සිතුම්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගනී කෙසේ හෝ සිතුම්ගේ සිත තුල නිපුනි පිළිබද යමක් ඇති බව කලින්ම ෂෙහානිට වැටහුණි. එම නිසා ෂෙහානිත් සිතුම්ට උදව් කිරීමට කැමැත්තෙන් සිටිය, සිතුම් දැන් ටික ටික නිපුනි දෙසට ලං විය නිපුනිත් තරමක් දුරට කැමැත්තක් ඇත්දෝ කියා සිතුම්ට සිතුනි, කෙසේ හෝ සිතුම් නිපුනිගේ ලගටම ගියා දැන් නිපුනිට විශාල ප්‍රශ්නයක් වෙන්න ඇති මොකද සිතුම් මා ලගට ආවේ කියල. එකපාරටම සිතුම් වචනය නොදී ටිකක් කතා කරා සිතුම්ගේ යාලුවොන්ටත් පුදුමයි කවදාවත් නැති විදිහට සිතුම් ගැහැණු ළමෙක් එක්ක කතා කරනවා දැක්කම, සිතුම් මෙසේ ඇසීය “කොහොමද? මම සිතුම් ඔයා?” එවිට නිපුනි “ අහ්.. මම නිපුනි” ඇයගේ කටහඩේ මිහිරියාව සිතුම්ගේ හදවත තද කිරීමට තරම් බලවත් විය එතරම්ම ඇයගේ කටහඩ මිහිරිය ඉන්පසු සිතුම් මෙසේ ඇසිය “ඇත්තටම මම ඔයාට කියන්න ආවේ” කියා නතර විය, එවිට ඇයට ඔහුගේ ප්‍රශ්නය තෙරුනාක් මෙන් දැනුනි, අගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන බව සිතුම්ට වැටහිණි, ඉන්පසු ඔහු නැවතත් ප්‍රශ්නය ඇසීමට පටන් ගත්ත “මම ඇත්තටම ඔයාගෙන් අහන්න ආවේ ඔයා මට කැමතිද?” එම ප්‍රශ්නයෙන් ඇ’ද තිගැස්සිණි ඇයට කර කියාගත හැකි දෙයක් නොවීය එවිට ඇ’ද මෙසේ කිය, “මම ඔයාව අදුනන්නෙත් නැහැ ඔයා මව අදුරන්නෙත් නැ ඇයි ඔයාට මගෙන් ඒ වගේ දෙයක් අහන්න හිතුනේ” එවිට සිතුම් මෙසේ කියා “ මේකයි ඔයාව දැක්ක දවසේ ඉදල මට ඔයා ගැන අදහසක් තිබ්බ එකයි මම එහෙම ඇහුවේ, ඔයා මොකද කියන්නේ?” එවිට නිපුනි “මට ඒකට තනියෙන් තීරණයක් ගන්න නම් බැහැ ම්... මම කල්පනා කරලා බලල තීරණයක් දෙන්නම්, හැබැයි මෙහෙමත් එකක් අපි තාම ඉගෙනගන්න වයසෙනේ ඉන්නේ ඔයා ඕව ඔලුවට දාගෙන ඉගෙනීම කඩාකප්පල් කරගන්නකරගන්න එපා” සිතුම්ට තරු පෙනුනි ඔහු කිසි සේත්ම බලාපොරොත්තු නොවූ උත්තරයක්‌ ඇය දුන්න නිසා “හරි එකට කමක් නැහැ මම බලාගෙන ඉන්නම් එත් මම ඉගෙනීම කදාකප්පල් කරගන්නේ නැ සත්තයි!!” ඉන්පසු නිපුනි “හා හරි හරි පස්සේ දවසක හම්බ වෙමු අපේ බස් එක එනවා” ෂෙහානිත් නිපුනිත් බසයට නැගී යනකම් ඔහු බලා සිටියා , එත් එක්කම යාලුවෝ ගාවට සිතුම් පියමන් කරා, “මොකෝ තත්වේ?” විරාජ් ඇසුවා “මුකුත් නැ..” සිතුම් කීහ, “හරි එහෙනං දැන් යමල්ල ගෙදර” සිතුම්ගේ යාලුවෝ ටික කිව්වා.

Chapter 2 - ආරම්භය

සිතුම්ගේ ජීවිතයේ නව අදීරයකට පෙරලුනා එදිනෙන් පසු ඔහුට විශාල සිත වේදනා ගෙන දෙන සිදුවීම් රාශියක් විය ඔහු නිපුනිගෙන් ඔහුගේ කැමැත්ත ඇසු දිනේ සිට ඔහු සිටියේ දැඩි අසහනෙනි. ඇය මට කැමති වේද නොවේද යන්න කෙසේ හෝ ඇගේ කැමැත්ත අකමැත්ත දැනගන්නකම් ඔහුට රිසි නොවීය.

ඉන්පසු සතියේ ඔහු විරාජ් ලග තිබුනු ඩිජිටල් කැමරා එකක් අරගෙන ගිහින් ඇගේ පින්තුරයක් ගැනීමට තැත් කලා නමුත් එය ඔහුට අහිමි වී ගියා, නිපුනි ඇගේ අතේ තිබුනු ෆයිල් එකකින් ඇගේ මුහුණ වසාගත්තා. මොනවා කරන්නද සමහරක් විට එක මිනිහගේ වෙලාව, කෙසේ නමුත් මේ සියල්ල වුවාට පසු මොවුන් (සිතුම් සහ ඔහුගේ යහළුවෝ) ඔවුන් වෙනදා ගමන් කරන පාරේ පන්තිය වෙත පියමන් කරයි, නිපුනි මිස්ට මොනවද මන්ද සිතුම් වෙත අත දිගු කර පවසනු සිතුම්ට පෙනිණි, දැන් ඉතින් අපිට තේරුණා මොකක්ද කාරනාවා කියල සිතුමුත් ටිකක් බය වෙලා වගේ සිටියේ “බැරිවෙලාවත් නිපුනි මිස්ට මම අහපු දේවල් කියලවත්ද?” සිතුම්ට කරගත හැකි දෙයක් නොමැත, සිතුමුත් යාලුවොත් පන්තියට ගිහින් වාඩි වුහ, ගුරුතුමී පෙරදා මෙන් පාඩම පටන් ගන්නා ලදී, එක පාරටම මිස් මෙසේ සිතුම් ගෙන ප්‍රශ්න කරන්නට විය “මොකද සිතුම් වෙලා තියෙන්නේ ගෑනු ළමයින්ගේ බලෙන් පින්තුර ගන්නේ ලජ්ජා නැද්ද” සිතුම්ට එය ඇසුනත් මුකුත් නොදන්නා ගානට ඔහේ හිටිය, මිස්ට උපරිමටම කේන්ති ගිහින් ඇති බව සිතුම්ට තේරුණි, සිතුම්ගේ හිතේ නිපුනි ගැන වෛරයක් ඇති විය වෛරයෙ මහත කියන්නේ පුලුවන්නං ඔහු ඇයට කම්මුල් පාරක් උනත් ගැසීමට ඉඩ තිබිණි කෙසේ උනත් විනාඩි පහක පමණ දීර්ග බැනිල්ලක් සිතුම් වෙත ඇදී ගියා. සිතුම්ට උපරිමම තරහ ගියා, “නිපුනිට නැගිටලා දැම්ම බනින්න හිතෙනවා එත් මගේ අතෙනේ වැරැද්ද” කමක් නැ බැනපු දෙන් කියා සිතු සිතුම් මිස්ගේ බෙරිහන් දිදී බනින ඒ කන්දොස්කිරියාවට සැනසිල්ලේ ඉන්න දිය, එදා දවසම ඔහුට මහා ජරා දවසක් වීය පන්ති ඇරී ගෙදර යන විටත් සිතුම් සිත්තැවුලෙන් වන්නට විය යාලුවන්ද ඔහුට මුකුත් නොකීය, මේ ගැන ඔහුගේ යහළුවන්ටද විශාල කණගාටුවක් ඇති කරවිය, මේ විදිහට සිතුම්ට සිත් රිදවන පීඩාකාරී සිදුවීම් ගණනාවක්ම සිදුවිය, කාලය මෙසේ ගෙවී ගියා සමහරක් අවස්ථා වලදී නිපුනි ඔහු දිහා අහිංසක ලෙස බලා සිටියදී සමහරක් අවස්තා වලදී කිසිම විශේෂත්වයක් සිතුම් වෙත නොදැක්වුහ, සිතුම්ට තේරුනේ නිපුනි තමාට සිතෙන් ආදරය කලත් ඇ එය තම හිතේම සගවාගෙන හිටියා කියලයි, දිනක් සිතුම්ට මෙසේ සිතුනි “නිපුනිගේ කැමැත්තක් මට පොඩ්ඩක් හරි තියෙනවනංනේ එයා මගේ දිහා බලන්නේ කොහොමද මම එයාගෙන් මේ ගැන අපහු අහන්නේ? ” මේ වගේ ප්‍රශ්න වලට විසදුම් අනිවාර්යයෙන් සසිත ගාව තියෙන්න ඕනේ, ඔන්න ඉතින් සිතුම් ගිහින් සසිතට මේ ගැන කිව්වා, සසිත ඉතින් ගෙදෙට්ට වෙලා මුකලන් බස්ස වගේ ඉදියට ලෝකේ කාලා වතුර බීපු පොරක්, ආදර සිදුවීම් වල සාමාන්‍යය තත්වයක නොලේජ් එකක් මිනිහට තිබුන, මිනිහ ටිකක් කල්පනා කරලා මෙහෙම කිව්වා “හරි ආවා නියම අයිඩියා එකක් මෙහෙම කරපන් අපි මචන් හදමු ටීන් බුක් එකක් හදල දෙන්නෙකුගේ තුන්දෙනෙකුගේ වගේ තොරතුරු ලියමු ලියල දෙමු නිපුනි ඒ බවක් දන්නේ නැහැනේ, ටෙලිෆෝන් නොම්බරේ අනිවාර්යය කරමු එතකොට කෙල්ල ලියයි” එතකොට සිතුම් මෙසේ ඇසීය “බැරිවෙලාවත් නිපුනි ලිව්වේ නැත්නං” එවිට සසිත මෙසේ කිහ “අනේ බන් උබ හිතන්නෙම නෙගටිව් විදිහටනේ ටිකක් පොසිටිව් විදිහට හිතපන්කෝ” “හරි හරි වෙන දෙයක් වෙයි කියල දෙමු” සසිතගේ අදහසට අනුව ඔවුන් දෙදෙනාම ටින් බුක් එකේ ඔවුන්ගේ සියලු ඇත්ත විස්තර ලියා තිබුන දැන් ඉතින් මේ ටින් බුක් එක කොහොමද නිපුනිට දෙන්නේ කියන එකයි ඊලග ප්‍රශ්නේ “කමක් නැ මම කොහොම හරි මේක දෙනවා, මම මේක ගිහින් ඉරිදා තියෙන විද්‍යාව පන්තියේදී දෙනවා, එක හොදයි සිංහල පන්තියේදී දුන්නොත් මිස් මගේ බෙල්ල කයි” කේසේ හෝ ඉරිදා දින උදා වුනා, සිතුම් පැතුම් පොදී බැදගෙන ඉරිදා පන්තිය වෙත ගියා, සෙනසුරාදා පන්තියට ඇය නොපැමිණියත් කේසේ හෝ ඇය ඉරිදා පන්තියට අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවයි, ඔහු පන්තියට ඇතුළු විය නමුත් තිබෙන එකම පුටුවකවත් නිපුනි නොපෙනෙන්නට විය ඔහු ගැහැණු ලමුන් සිටින සැම මේසයකම ඉතා උනන්දුවෙන් බැලීය නමුත් නිපුනි පෙනෙන්නට නොවීය ඔහුගේ බලපොරොත්තු සුන් වී යන බවක් ඔහුට දැනුනි, හදපතුලින් පැමෙනුන ඒ විදුලියක් බදු වේදනාව ඔහුගේ ඔලුව සිසාරා යානවාක් මෙන් ඔහුට දැන් දැනෙයි, ඒ අවස්ථාවේදී සිතුම්ට දැනුනු දුකට ඔහුට ඇඩෙන්නට විය එත් ඔහු මුහුණ මේසය මත ගසා බිම දෙස බල ඔහුගේ නෙතින් පැමිණි කදුළු පිසදා ගත්හ, මෙය හොදින් දැක්ක විරජ්ටත් හොදටම දුකයි, ඔහු සිතුම්ට කුමක්වත් කීවේ නැත ඒ ඔහුට තවත් හිතට වේදනාවක් දැනෙයි කියා වෙන්න ඇති, කේසේ හෝ ගුරුතුමාද පන්තියට පැමිණියා සිතුම් තරමක් දුරට හෝ පහු වෙලා හරි නිපුනි පන්තියට ඒවි කියා සිතා සිටියද ඇය පන්තියට ආවේ නැත, ගුරුතුමා පැමිණි පසු පාඩම පටන් ගැනීමට ඉදිරි අසුනේ සිටි ලමෙකුගෙන් අච්චු පොතක් ඉල්ලා ගත්ත, දැන්නම් නිපුනි කොහෙත්න එන එකක් නැහැ කියා සිතු සිතුම් පාඩමට සිතේ දුකත් තබාගෙන අවතීර්ණ වන්නට උත්සාහ කලද එය අසාර්ථක විය ඇයව ඔහුට මැවී මැවී පෙනෙන්ට විය, “මේ තරම් ආදරයක් නිපුනිට දෙන්න තරම් මම පෙළඹුනේ ඇයි කියා” සිතුම් තම සිතෙන් අහන්නට පටන් ගත්ත, නමුත් හදවතට අසුන පමණි කිසිදු පිළිතුරක් නොවීය. එය හදවතට අහුනාද යන්නත් ප්‍රශ්නයකි කිසිසේත්ම නොවිය යුතු සිදුවීම් “ඇයි මටම වෙනේ හිතන පතන හැම දේම වෙනස් වෙනවා මගේ බලාපොරොත්තු බිඳී යනවා ඇයි මට මෙහෙම වෙන්නේ? ” කියා සිතුම් තම හිතෙන් ප්‍රශ්න කරන්නට විය, සිතුම් මෙම ප්‍රශ්න හිතෙන් අසද්දී ගුරුතුමා පාඩමෙන් තරමක් දුරට කර තිබිණි, නැවතත් ඔහු පියවි සිහියට පැමිණියා නමුත් තවමත් නිපුනි පන්තියට පැමිණ නැත,මෙසේ ස්වල්ප වෙලාවක් ගතවිය “ටොක් ටොක්” හඩක තරමක් දුරින් ඇසෙන්නට පටන් ගත්තේය එන්න එන්නම ඒ සද්දය ලං වන්නට විය, එක පාරටම සිතුම් හා අනෙක් ළමයි බලා සිටි දිශාව වෙනස් විය එය එම පන්තියේ දොර පැත්ත විය, එත් සමගම දොර ටිකෙන් ටික ඇරෙන්නට පටන් ගත්හ දොර බාගයක් ඇරෙද්දීම සිතුම් ගේ හිතට ඉය වහ ගිය සතුටත් දැනින ඒ වෙන කව්රුත් නෙවෙයි ඒ නිපුනිය, ඇය පන්තියට පැමිණ අසුන් ගත්හ ඇය පැමිනෙන විට සිතුම්ගේ මුණ දිහා බලා ඔහුට සියුම් සිනහවක්ද පැහ, මේ සිදුවූ සිදුවීම සිතුම්ට පරවූ මලක් යලි පිපෙන්නාක් බදු විය. සිතුම්ට නව ජීවයක් එදින දවසට ලැබුන සේ විය, “දැන් මම කොහොමද නිපුනිට මේ පොත දෙන්නේ සර් දැම්මම එලියට ගියොත් හොදයි” සාමාන්‍යයයෙන් ඉරුදින විද්‍යාව පන්තියේ ගුරුවරයා පන්තියේ කුමක් හෝ වැඩක් පවරා ගුරුවරයාගේ වැඩකට එලියට යනවාමයි, නමුත් සමහරක් දිනයන් වලදී පන්තිය පටන් ගෙන අවසන් වන තුරුම එක දිගටම වැඩ කරයි, ඔන්න දැන් ඉතින් සිතුම් හිතින් කියනවා “අනේ සර්ට මොකක් හරි වැඩක් මතක් වෙත්වා” කිය කියා හිතීන් කන්න ලව් කරන්න පටන් ගත්ත, එක පාරටම ඔවුන්ගේ පන්තියේ දොර දෙසට පිරිමි ළමයෙක් අවා ඔහු දොර ලගට පැමිණ “සර්” කි විට සර්ත් “අහ පුතා කොහොමද? ” කියා අසාගෙන ඒ ළමයාගේ පැත්තට ගියා, එත් එක්කම සර් ඒ ළමයත් එක්කම ටිකක් එලියට ගියා, එවිටම සිතුම් ක්ෂණිකව නිපුනිට දෙන්නට කියා ටීන් බුක් එක යහළුවන් අතේ පාස්කර යැවීය එය නිපුනිගේ අතට ලැබුණි, එවිට නිපුනි “මේ මොකක්ද?” කියා රහසෙන් සිතුම්ගෙන් ඇසීය, සිතුම් ටීන් බුක් එකක් නිපුනිට දුන්නේ නිකන්ම නෙවෙයි ලියුමකුත් දාල එහි සදහන් වුනේ “ඔය මගේ ටීන් බුක් එක එකේ ඔයාගේ විස්තර ටික මට ෆිල් කරලා දෙන්න ප්ලීස්” ඔහු එය ඇයට පැවසිය “ඇතුලේ තියෙන ලියුම බලන්න” කියා සිතුම් ලියුම බලන්න කී විට එය බලා ඇයට සිනහවක් නැගුණි සිතුම්ගේ හිතේ මලක් පිපුනා මෙන් විය ඇය ඔහුව විශේෂ කර සිනාසෙනු දුටු පලමුවරයි, ඔහුට එතරම් සැනසීමක් ලොවේ කොහෙවත් නැත, ඇයද ප්‍රතිචාර දක්වන්නක් මෙන් ඔලුව වනා ඔහු දෙස බලා නැවතත් පොඩි සිනහවකින් ඔහුට සංග්‍රහ කළා එතරම් සතුටක් සිතුම්ට කවදාවත් දැනී නැත, එදින ඔහුට සතුටින් පිරි දවසක් විය. ඇයගේ සිතේද තමා ගැන වැරදි වටහිමක් නැති බව ඔහුට එයින් වැටහිනි, සිතුම් එදා රැයම කොට්ටය තුරුල් කරගෙන නින්දට ගියා, පහුවදා උදෙන්ම නගිටලා පාසැල් යන්නට සුදානම් වුනා ඒ හැම අවස්ථාවකම නිපුනිගේ හිනාවත් ඇගේ මුහුණත් මැවි මැවී පෙනෙන්නට විය ඇගේ ඒ බැල්මේද යම් කිසි රහසක් ඇතයි සිතුම්ට සිතුනි ඒ ඇ මට ආදරේ පෙන්වීමක් කලාවත්ද කියා ඔහුට සිතින, කෙල්ලෙක් හිනා වෙච්ච පලියට එහෙම දෙයක් කියල අපිට හිතන්න අමාරුයි, පෙර සතියේ මෙන් නොවේ එම සතියේ දවස පහම ගෙවෙනකම් සිතුම්ට ඉවසිල්ලක් නැතිවිය ඇය කුමන විදිහට ඔහුගේ ටීන් බුක් එක ලියල දෙයිද, දැන් නිපුනි ටීන් බුක් එක ලියනවා ඇති සිතුම්ට සැරින් සැරේම කල්පනා විය. ඇගේ රූමත් මුහුණ සිතුම් දිහා බලන අයුරු ඔහුට සැරින් සැරේ දිස් වි පෙනේ එවිට සිතුම්ගේ හදවතත් ඔහුගේ මුළු ශරීරයත් කිලිපොලා යයි. මේ සැම දෙකින්ම වැටහෙන්නේ සිතුම් නිපුනිට ඇති ආදරයයි, ඔහු මෙතරම් නිපුනිට ආදරය කලද නමුත් නිපුනිට එය නොතෙරේද නැතිනම් ඇය ඔහුට අකමැතිද කියා ඔහුට තේරුම් ගත නොහැකි විය, ඒ නිසා ඔහුට ඇගේ මුවින්ම එය අසා දැනගන්නට වුවමනා විය ඒක නිසයි ඇගේ දුරකථන අංකය ලබා ගැනීම සදහා ටීන් බුක් එකක් නිපුනිට ලබා දුන්නේ ඇය ඒ බවක් නොදනියි නමුත් එය ඇයට තේරුම් යා හැකි නිසා ඒ පිළිබඳව ඔහු වැඩි උනන්දුවක් දැක්වුයේ නැත, නමුත් ඔහු ඇයගේ අදහස් ඇයගේ, අත් අකුරු මේ සියල්ලටම ප්‍රදාන තැනක දුන්හ, ඇයගේ රුවට සරිලන අත් අකුරු ඇතැයි ඔහු විශ්වාස කලා. කෙසේ උනත් සියල්ලටම වඩා සිතුම් නිපුනිව වැඩිපුර විශ්වාස කළා ආශ්‍රය නොකලත් වැඩිය කතා නොකලත් සිතුම් නිපුනිව ඕනෑවටත් වැඩ විශ්වාස කරා ඒ වගේම ඇයට උපරිම ලෙස ඇ නොදැනුවත්ව ඇයට ආදරය කරා, මේ සියල්ල පිලිබදව සිතුම් ගේ යහළුවන් ඇහැ ගහගෙන ඉදියේ නමුත් යහළුවන් සිතුම්ට කිසිවක් කියන්න ගියේ නැ.

මෙලෙස සතියක් ගෙවී ගියා නිපුනිගෙන් ටීන් බුක් ඒක ඉල්ලාගන්නකම් සිතුම්ට ඉවසිල්ලක් නැහැ. ඒ නිසාම සිතුම් සෙනසුරාදා තියෙන සිංහල පන්තියේදී ටීන් බුක් ඒක ඉල්ලගන්නවා කියා හිතාගත්ත, මිතුරනුත් එක්ක වෙනද වගේම පන්තියට ගියා ගුරුතුමීද සිතුම් දෙස බලා සිනහවිය. පෙරදාමෙන් නොව සිතුම් ඉතා කඩිසරව පන්තියේ සියලුම වැඩ කටයුතු ටික කළා, මේ බව නිපුනිද බලා සිටිය,සිතුම් කරන සමහර වැඩවලට නිපුනිටද හිනා ගියා මොකද සිතුම් වැඩිපුරම විනෝදයට බර පුත්ගලයෙක් ඔහුත් සිනාසී අනෙක් අයවත් හිනස්සන ඒක ඔහුගේ සතුටයි පන්තියේදී යම් යම් විහිලු තහළු කල දග ළමයෙක් නම් ඒ සිතුම් තමයි, ඒ වගේම සසිතත් ඒ පැත්තට ටිකක් බරයි එත එච්චරම පන්තියේ දග වැඩ කරන්නේ නැහැ. කෙසේ හෝ පන්තිය අවසන් විය සිතුම් ඇයගෙන් තම ටීන් බුක් ඒක ඉල්ලාගැනීම සදහා පාර අයිනට වී බලා සිටින්නට විය ඔහුගේ යහළුවන්ට එදින වේලාසනින් යාමට සිදුවිය කෙසේ හෝ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුටම වැඩිපුර අමතර පන්තියක් එදින දමා තිබිණ විරාජ්ටත් සසිතටත් ගෙදරින් ගමනක් යාම සඳහා පන්ති අවසන් වී ඉක්මනින් ගෙදර එන්න යයි පවසා තිබිණ එම නිසා සිතුම් ඔහුව නවතා ගැනීමට තැත් නොකළහ. කෙසේ හෝ ස්වල්ප වෙලාවක් ගිසා නිපුනි ඇයගේ යාලුවා වන ෂෙහානිත් සමග ඔවුන්ගේ පන්තියට යන පාරෙන් ඔහු වෙතට ටික ටික ලං වෙනවා, ඒ සමගම ඔවුන්ගේ යාලුවොද ඔවුන් එනකම් බලා සිටියා, නමුත් වෙනදා එසේ නැත ඒ ඇයිද කියන්න ප්‍රශ්නයකි, කෙසේ නමුත් නිපුනිත් යාලුවාත් ඔහු අසලින් ගියා, නමුත් නිපුනිට සිතුම්ව ඒ අවස්ථාවේදී විශේෂයක් නොවිය, නිපුනිත් නිපුනිගේ යාලුවත් ටිකක් දුර යනකන් බලා සිටි සිතුම් එකපාරටම නිපුනි කියා ඇයට ඇමතිය නිපුනිද පසුපස බැලිය ඔහු ඇය ලගට ගොස් මෙසේ ඇසිය “ඔයා මගේ ටීන් බුක් ඒක ගෙනාවද?” එවිට ඇය සිතුම්ට සිතාගත නොහැකි ප්‍රශ්නයක් මෙසේ ඇසුහ “ඉස්සෙල්ල මට කියන්න කවුද දිනේෂා කියන්නේ කියල” සිතුම්ව අන්ද මන්ද විය එය ඔහුට කොහෙත්ම සිතාගත නොහැකි ප්‍රශ්නයක් විය, දිනේෂා කියන්නේ සිතුම්ගේ පාසැල් වැන් රථයේ පැමිණි තවත් ගැහැණු ළමයෙක් ඇයත් ඉතා ලස්සන රූමත් ගැහැණු ළමයෙක් නමුත් ඇයත් සමග කිසිදු සම්බන්දයක් සිතුම්ට තිබුනේ නැත, ඉන්පසු සිතුම් මෙලෙස උත්තර දිය “ඒ කව්ද ඒ? මම දන්නේ නැ එහෙම කෙනෙක්ව” සිතුම් මෙලෙස කියන විට නිපුනිගේ ක්‍රෝදය දරුණු ලෙස අවිස්සි තිබිණ ඒක සිතුම්ට වැටහී ගියා, එමනිසා වහාම පියවර ගන්නා පරිදි සිතුම් ඒ කතාවෙන් ඉවත්විය නිපුනිද නිවස බලා බස් රථයේ නැග ගියා. සිතුම්ට ඔහුගේ ටීන් බුක් එකද නොලැබිණි “ඇයි නිපුනි දිනේෂා ගැන ඇහුවේ? නිපුනිට කව්ද දිනේෂා ගැන කිව්වේ මොන හේතුවක් මතද?” කෙසේ හෝ සිතුම්ට කඩිනමින් මේ දේ වැටහුණි නිපුනිගේ සිත තුල සිතුම්ට කුඩා හෝ ආදරයක් තිබෙන නිසයි නිපුනි සිතුම් ගැන හොයන්නේ, නිපුනිගේ හිතට මේක වද දෙන ප්‍රශ්නයක් වෙයි කියා සිතු සිතුම් ඉරිදා පන්තියේදී මේ හැම දෙයක් ගැනම නිපුනිට කියනවා යයි සිතුවා.

කොහොමින් කොහොම හරි ඉරිදා දිනයත් පැමිණිය, සිතුම් පෙරදා මෙන් කාඩ් පත ලකුණු කර පන්තියට ගොස් ඉඳ ගත්ත, නමුත් එදා නිපුනි ඉදගෙන සිටියේ සිතුම් ඉදගෙන සිටින පේලියේ අනෙක් පේලියේ කොනේමය සිතුම්ද ඇයට ඔහුගේ සහ දිනේෂා අතරේ කිසිම සම්බන්දයක් නැති බව කීම සදහා ඔහුත් කොනෙන්ම වාඩි විය. මුලින්ම සිතුම් කතාවට මුල පිරුහ “මට ඔයාට කියන්න දෙයක් තියෙනවා පන්තියේ සිටින සමහරක් ළමුන්ට ඔහුගේ මෙම වදන් ඇසුනි එත් සමගම පන්තියේ අනෙකුත් ළමයි සිතුම් දිහා හරි බැලිය සිතුම්ට ටිකක් ලජ්ජද හිතිය, “ඇත්තටම මේකයි දිනේෂා කියන්නේ මගේ school වැන් එකේ එන එක්කෙනෙක්, අනිත් ඒක මම එයත් එක්ක කිසිම සම්බන්දයක් නැ, මාව විශ්වාස කරන්න” මෙය අස සිටි නිපුනි මෙසේ කීය “හරි මම ඔයාව විශ්වාස කරනවා එත් මම කැමති නැ ඔයා වෙන අයව ආශ්‍රය කරනවාට” සිතුම්ගේ හිතට ටිකක් සතුටක් දැනිණි මොකද ප්‍රථම වතාවට නිපුනිගේ හිතේ අදරයක් සිතුම් කෙරෙහි තියෙන බව සිතුම්ට දැන් හොදටම විශ්වාසයි, මේක බලන් ඉදිය අනෙක් ළමයින්ට නිකන් සල්ලි නොදී බලපු ෆිල්ම් එකක් වගේ, කොහොම හරි දැන් සිතුම්ට ටීන් බුක් ඒක ඉල්ලගන්නත් අවශ්‍යයි, ඔහු මෙසේ ඇසිය “ඔයා ටීන් බුක් ඒක ලිව්වද? එවිට නිපුනි “ආ මට එකත් අමතක වුනා, ආ මෙන්න ඔයාගේ ටීන් බුක් ඒක” එවිට සිතුම් “අහ් තැන්ක් යු” කියා නිපුනි දුන් ටීන් බුක් ඒක ගත්ත ඔහුට එය බලනකන් ඉවසිල්ලක් නොවීය ඔහු එය පසුව බලනව යයි සිතා එය ඔහුගේ බැගයට දමා ගත්ත කෙසේ හෝ හිතට සතුටින් එදින පන්තිය අවසන් විය සිතුම් නිවෙස් බලා පමිනියහ මුනකටද දඩි බිඩි ගා හෝදගෙන සිතුම් නිපුනි ලියා තිබු දෑ කියවන්නට විය. නිපුනිගේ අත් අකුරුත් සිතුම් හිතුව වගේම ලස්සන විය. විවිද වර්ණයන්ගෙන් කුඩා ස්ටිකර්ස් වගයක් එහි අලවා තිබිණ, ඒ වගේම කලින් නොතිබූ අමුතුම සුවදක් ටීන් බුක් ඒකෙන හැමීය.

නම: නිපුනි සචිකලා විජේසිංහ

වයස: 15

උපන්දිනය: 1991/01/02

මෙලෙස ඇයගේ විස්තර සටහන්කර තිබිණි, ඔහුට විශේෂයෙන් අවශ්‍ය වුයේ ඇයගේ දුරකථන අංකයයි එය ලියා තිබු නමුත් ටිපෙක්ස් වලින් එය මක තිබිණි සිතුම්ගේ කපටි මොලේට ඕවත් කජ්ජක්ද සිතුම් සියුම්ව එම කොලය ගෙදර විදුලි බුබුලකට අල්ලා බැලීය “මේ තියෙන්නේ බඩු” සිතුම් තමාටම කියගත්හ, ඉන්පසු ඔහු කුඩා පිහි තලයක් අරගෙන අර ටිපෙක්ස් කරපු කොටස ඉතා පරිස්සමින් සුරා හැරිය “මේ තියෙන්නේ ගෙදර වගේ” සිතුම් කීහ, දැන් නිපුනිගේ දුරකථන අංකය හොද හැටි බලගැත්තෑකි, සිතුම්ට කියාගත නොහැකි සතුටක් ඇති විය ඔහු ක්ෂණිකව එම අංකයට ඇමතීය එවිට වෙලාව හවස 1ට පමණ ඇති, “හලෝ හලෝ ..” ඒ අනිවාර්යයෙන්ම නිපුනිගේ කටහඩයි සිතුම්ට කතා කිරීමටද සිතිනි “එත් දැම්ම කතා කරන්න බැහැ” තව දවස් තුනකින් විතර කතා කරනවා යයි සිතුනා එමනිසා ඔහු එම ඇමතුම විසංදි කළා, දින තුනක්ම ඔහු අමරුවෙන්ම ගෙව්වා, ඔහු 3න් වන දින ඇයට ඇමතුමක් ගන්නට දුරකථනය ලගට ගියා, ඇයගේ දුරකථනය නාද වෙනවා, “හෙලෝ” යයි සිහින් ලෙස නැවතත් අර කටහඩම ඇසින, ඒ නිපුනිගේ කට හඩමයි සිතුම්ට සිතුනි එම නිසා දිග හුස්මක් අර ගත් සිතුම් සිය කතාවට අවතීර්ණ විය “හලෝ කොහොමද? මව අදුරගන්න පුලුවන්ද?” එවිට නිපුනි මෙලස කිය “කව්ද? ම්.. මට අදුරගන්න නම් බැහැ කව්ද කියල” එවිට සිතුම් “ටිකක් කල්පනා කරලා බලන්න කව්ද කියල අදුරගන්න” එවිට නිපුනි “අහ්.. ෂුවර් එකටම සිතුම් වෙන්න ඇති සිතුම් නේ මම හරිනේ?” එවිට සිතුම් “ෂහ්.. නියමයි මාව අදුර ගත්ත එහෙනං හොදයි හොදයි ඒක නෙමෙයි මම ඔයාට කතා කරේ දෙයක් අහන්න එදා මට ඔයාගෙන් ඇහුව දේට ඔයා මට මුකුත් උත්තරයක්‌ දුන්නේ නැහැනේ මොකක්ද ඔයා ඒකට කියන්නේ?”

එවිට නිපුනි මෙසේ ඇසිය “මොකක්ද ඔයා මගෙන් ඇහුවේ මට මතක නැහැනේ” සිතුම්ට ඒ ප්‍රශ්නයෙන් වැටහුනේ නිපුනිට ඒ ප්‍රශ්නය මගේ කටින් හරියටම අහගන්න ඕනේ වෙලා වගේ, කමක් නැහැ අයෙත් අහනවා “මන් එහෙනං අයෙත් ඔයාගෙන් අහන්නං ඒ ප්‍රශ්නේ, ඔයා මට කැමතිද නිපුනි?” එවිට දුරකතනයෙන් කිසිම සද්දයක් නොවිය සිතුම් නැවතත් කටහඩ අවදි කරයි “ඇයි සද්ද නැත්තේ මොනවා හරි කියන්නකෝ මට එකට දැම්ම උත්තරයක්‌ දෙන්නකෝ, එවිට නිපුනි හරි මම දැන් එකට උත්තරයක්‌ දෙන්නන්කෝ, ඇත්තටම සිතුම් අපි ආදරය කරන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ ඔයාට තේරෙනවනේ ඔයා ඇහුවේ කැමතිද නැත්ද කියලනේ මම ඔයාට කැමතියි අනිත් ඒක ඔයා මට ඔය පන්ති දෙකේම විශේෂ පුත්ගලයෙක් ඔයා ගැන මට අදහසක් ආවා එත් මම කැමති නැහැ සිතුම් මේ වයසේදී ආදර සම්බන්දයක් තියාගන්න ඒ නිසා ඔයා ඒක හිතින් අත් ඇරගන්න, මම අනාගතේදී දෙමව්පියෝ හොයල බලල මට කෙනෙක් හොයල දුන්නොත් මම එයාට කැමති වෙනවා දෙමව්පියන්ගේ සතුට අපෙත් සතුටනේ නේද?” සිතුම් නිපුනි කී දේවල් සියල්ලම සිතුම් හොදින් අසා සිටියා ඔහුටද ඇගේ අදහස් තේරුම් ගියා, ඇගේ සියලුම කරුණු වලට එකග වුවත් එක දෙයකට ඔහුට එකග විය නොහැකි වුනා ඇයගේ ආදරය තව කෙනෙකුට ලබාදී විවාහය වෙනකෙකු සමග සිදුවීම මහා පාපකර්මයකි එයින් දෙදෙනෙකුගේ සිත් දැන දැනම රිදවයි, මේකද ලංකාවේ විවාහ ක්‍රමය? දෙන්නෙක් මුළු හදවතින්ම ආදරය කරලා ගෙදරින් හොයල දෙන කවදාවත් ආශ්‍රය කර නැති කිසිම විටෙක අදහස් නොගැලපෙන දෙදෙනෙක් විවාහ වෙන එකද අද ලංකාවේ විවාහයක් කියන්නේ? ඇයි ආදරය කරලා දෙන්නෙකුට විවාහ වෙන්න බැරි? ඇයි එකට දෙමව්පියෝ කැමති නැත්ද? ඇයි ලංකාවේ මිනිස්සු තවමත් පැරණි පාරවල් වල යන්න දගලන්නේ? කොහොම හරි සිතුම් මේ දේවල් නිපුනිට තේරුම් කිරීමට ගියේ නැත ඇය මේ දේවල් ඉදිරියේදී තේරුම් ගනී යන්න ඔහුගේ මතයයි, කෙසේ හෝ සිතුම් නැවතත් කටහඩ අවදි කරා “හරි මම ඔයාගේ අදහස් වලට එකගයි එහෙනම් ඔයාගේ අදහස එකයි හොදයි මන් එහෙනම් තියනවා බුදු සරණයි!” මෙලෙස ඔහුගේ වදන් වලින් ඔහු දුරකථනය විසඳි කළා. දුරකථනය විසඳි කරාත් සමගම ඔහුගේ නෙතින් කදුළු ගංගා ගලා හැලෙන්නට විය ටික වෙලාවකින් ඉකි ගහ ගහා අඩන්න පටන් ගත් සිතුම් හිතේ දුක කාටවත් කියාගන්න බැරුවම හිතේ තද කරගෙන ඇදට ගොස් කොට්ටය තුරුල් කරන් නිදියන්නට විය ඔහුට ඇති වූ දුක ඔහුට කියන්න කාත් කව්රුවත් ඒ අවස්ථාවේ නොසිටිහ, ඒ දුක කිසි වෙකුටවත් කියා නිම කල හැකි දුකක්ද නොවුහ, සිතුම් පෙර මෙන් ඔහුගේ සාමාන්‍ය ජීවිතයට පැමිණෙන්න කොතරම් උත්සහ කරත් ඔහුට එය කිරීමට බැරි විය, සිතුම් කිසිම වෙලාවක මෝඩ ක්‍රියාවන් අනුගමනය නොකරයි හැම වෙලාවේම බුද්ධිමත්ව තීරණ ගනී එසේ හෙයින් ඔහුගේ දුක ඔහු අඬා තුරන් කරගැනීමට උත්සාහ කරයි, මාස ගණනක් අවුරුදු ගණනක් ගතවී ගියහ, නමුත් ඒ වර්ෂ ගානට නිපුනිට තිබුණු ආදරයේ නං කිසි දිනෙක අඩුවක් නොවීය ඔහු හැම වෙලාවකම නිපුනි ගැන සිතයි නමුත් හැම තිස්සෙම එය ඔහු හිත යට සගවාගෙන සිටිය, සිතුම්ගේ සමහරක් මිතුරන් මේ පිලිබදව දැනන් සිටිය නමුත් ඔවුන්ටද කල හැකි දෙයක් නොවීය, අවසානයේදී සිතුම්ගේ හිත සෑදීමට මෙන් නිපුනි මෙසේ කිහ “අපි හැමදාම හොද යාලුවෝ වගේ ඉමු සිතුම්”.

නිමි.

This short story never reviewed from anywhere, there must be lots of mistakes with the letters & grammar I’m extremely sorry for those mistakes.

Hope you will enjoy the story and please give your feedbacks.

කතාව සහ අදහස : T.B.A

මෙම කතාව ලියා අවසන් කරන තෙක් උදව් කල සියලුම දෙනාටත් දෙමව්පියන්ටත් මේ අවස්ථාවේදී මම ස්තුති කර සිටිනවා.

Release on 2012 Valentine’s Day.